Thursday, May 9, 2024

General line - 0115112241

රහස් මාර්ගයකින් ඉන්දියාවට ගෙන යමින් තිබූ රත්තරන් තොගය මාට්ටු (PHOTOS)




නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත‍්‍රං කිලෝග‍්‍රෑම් 12 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඌරුමලෙයි මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි. 

සැකකරුවන් සතුව තිබී ග‍්‍රෑම් 100 බැගින් අඩංගු රත‍්‍රං කැබලි 120 ක් සොයා ගෙන තිබෙනවා. එම රත‍්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 7කට අධිකයි.

සැකකරුවන් විසින් රත‍්‍රං ප‍්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ඩිංගි යාත‍්‍රාවක් ද මෙහිදී නාවික හමුදා නිලධාරීන් භාරයට ගැණුනා.

සැකකරුවන් හා රත‍්‍රං තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.