Thursday, May 9, 2024

General line - 0115112241

අතීතය අමතක කර තහනම ඉවත් කරන්න ලු

දිනසේන රතුගමගේ




ශ‍්‍රී ලංකාව තුළ තවදුරටත් එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කර තැබීම අර්ථ ශූන්‍ය ක‍්‍රියාවක් බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී. කේ. ශිවඥාණම් පවසනවා.

ඔහු කියා සිටියේ යුද්ධය අවසන් වී වසර 08කටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති අවස්ථාවක එල්. ටී. ටී. ඊ. ය තහනම් කර තැබීම කිසිඳු වැදගත්කමක් නොමැති ක‍්‍රියාවක් බවයි.

හිටපු සාමාජිකයින් ද දැන් අවි අතහැර දේශපාලනයට පිවිස සිටිනවා. එබැවින්, එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම අර්ථයක් නොමැති ක‍්‍රියාවක් බව උතුරු පළාත් සභාවේ සභාපතිවරයා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ යාපනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

අත්අඩංගුවේ සිටින සහ බන්ධනාගාරයේ පසුවන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් සියලූදෙනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බවත් පසුව ඔවුන්ද සමාජගත කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

එල්. ටී. ටී. ඊ. තහනම ඉවත් කර අතීතය අමතක කිරීමට හොඳම කාලය දැන් එළඹ ඇති බවයි උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. ශිවඥාණම් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.