Wednesday, May 8, 2024

General line - 0115112241

පක්ෂ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට




මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (30) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.

ඒ, මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශ්වයන් කිහිපයක් විසින් පළ කර ඇති අදහස්  සැලකිල්ලට ගනිමින්.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ද ආරාධනා කර ඇතැයි කථානායක කාර්යාලය ප‍්‍රකාශ කළා.