Wednesday, May 8, 2024

General line - 0115112241

අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් 03 කට බෙදීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි




අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් 03 ට බෙදා වෙන් කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළා.

අදාළ පෙත්සම සිසිර ද ආබෲ, කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලීමෙන් අනතුරුවයි.

අඹගමුව ප්‍රාදේශීය සභාව, අඹගමුව, නෝවුඩ් සහ මස්කෙළිය ලෙස කොටස් 03 කට වෙන් කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු නිදහස් සන්ධාන මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ විසිනුයි මෙම පෙත්සම ගොනුකර තිබුණේ.