Thursday, May 9, 2024

General line - 0115112241

නැගෙනහිර මුස්ලිම් බලකොටුව බිඳින්න සැරසෙන දෙමළ බලවේගය මෙන්න (VIDEO)

වසන්ත පිවිතුරු




නැගෙනහිර පළාතේ මුස්ලිම් බලකොටුව බිඳ දැමීමට මෙවර පළාත් පාලන මැතිවරණය උපයෝගී කර ගත යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඔහු කියා සිටියේ නැගෙනහිර පළාත තුළ මුස්ලිම් දේශපානඥයන් දෙමළ ජනතාවට ආසාධාරන කර ඇති බවයි.

ඒ හේතුවෙන් මුස්ලිම් දේශපාලනඥයන් එම පළාතෙන් පලවා හැර තමන්ගේ බලය පෙන්විය යුතු බව ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මඩකලපුව කළුවාන්චිකුඩි ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.