Thursday, May 9, 2024

General line - 0115112241

විමල්ට එරෙහි නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් කඩිනමින් අධිකරණයට දන්වා එවන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අද (29) සිහි කැඳවීමක් කළා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91ක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළ  බවටයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට එරෙහිව  මෙම නඩුව පවරා ඇත්තේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර ඇතැයිද ඒවායේ උදෘත නීතිපතිවරයා වෙත යවා ඇතැයිද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවා.

කෙසේ වෙතත් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.