Wednesday, May 8, 2024

General line - 0115112241

මුතුපන්තිය දූපත මුහුදට දිය වෙයි

ජූඞ් සමන්ත - පුත්තලම




පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් ආරච්චිකට්ටුව මුතුපන්තිය දූපත ක‍්‍රමයෙන් මුහුදට දියවෙමින් ඇතැයි එම දුපත්වාසීන් පවසනවා.

වසර කිහිපයක සිට මෙම දූපත මෙලෙස මුහුදට දියවීමේ අවධානමක් පැවතුනා. ඒ පිලිබඳ මාධ්‍ය මගින් ද අවස්ථා කිහිපයකදී අනාවරණ කෙරුණු  අතර ඒ අනුව දූපත වටා ගල් වැටියක්ද යොදා තිබෙනවා. එහෙත් මේ වනවිට එම ගල් වැටියද ඛාදනය වෙමින් තිබෙන බවයි එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුනු නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මුතු පන්තිය දූපතේ මේ වනවිට පවුල් 150ක් පමණ ජිවත් වනවා. ඔවුන්ගේ ප‍්‍රධාන ජීවන වෘත්තිය වී තිබෙන්නේ ධීවර කර්මාන්තයයි.