Wednesday, May 8, 2024

General line - 0115112241

අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ රජයක් - අකිල (VIDEO)(PHOTOS)




මෙරට අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ රජයක් ලෙස දරුවන් වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර දීමට හැකිව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පවසනවා.

මාවතගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාවලට අනුව බොහෝ දේශපාලන නායකයන්ට චෝදනා එල්ල වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර එහිදී සඳහන් කර සිටියා.

පක්ෂ බල මණ්ඩලය අමතමින් මන්ත්‍රීවරයා මෙම චෝදනා ලත් පිරිසකගේ බව සඳහන් නම් සහ චෝදනා ගණන ද කියා සිටියා.

මාවතගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙනුයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පල කළ අදහස් පහතින් දැක්වෙනවා.