Thursday, May 9, 2024

General line - 0115112241

සිදත්..මහේල..රොජර් සමගින් ක්‍රිකට් ගොඩනගන මෙහෙයුම ඇරඹේ




පාසල් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මෙහෙයුම් සැලැස්ම  මේ වසරේදී  දී  ආරම්භ කර තුන් අවුරුදු කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

, අනුකමිටුවල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබෙඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්වූ සාකච්ඡාවක දීයි.

ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගිය කාලයේ පැවති පසුබෑම සඳහා බලපා ඇති හේතු හඳුනාගෙන, ඒ සඳහා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත මෙම  කමිටුව ස්ථාපිත කරනු ලැබූ අතර එම කමිටුව විසින් පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලැබුවා.

එහි දී පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පාසල් ක්‍රීඩකයින් සඳහා දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම, තෝරාගත් ක්‍රීඩාංගන කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සංවර්ධනය කිරීම, පාසල් ක්‍රිකට් තාක්ෂණික දැනුම සංවර්ධනය, පාසල් ක්‍රිකට් තරග රටාවේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සහ ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රිකට් භාර ආචාර්යවරුන් බලගැන්වීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වුණා.

මෙම සාකච්ඡාවට සිදත් වෙත්තමුණි, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, ජෙහාන් මුබාරක් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයින්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා පුහුණු අධ්‍යක්ෂ මංජුල කාරියවසම්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් හා දේශීය හා විදේශීය පුහුණුකරණ අත්දැකීම් සහිත පළපුරුදු පුහුණුකරුවන් පිරිසක් ද එක්ව සිටියා.