බැඳුම්කර වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය නීති සංශෝධන සඳහා කෙටුම්පත් සැකසීම දැනටමත් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඔවුන් ඒ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැති විශේෂ පක්ෂ නායක රැස්විමකදීයි.
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභා පනතේ සංශෝධන සඳහා වන කෙටුම්පත් සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
අදාළ කෙටුම්පත් ඉදිරි සති කිහිපය ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයිද විශ්වාසය පළ කෙරුණා.
ප්‍රසිද්ධ කර ඇති බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවී ඇතැයි ඉදිරිපත් වන චෝදනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ එවැනි පිටු අඩුවීමක් සිදුව නොමැති බවයි. ඇතැම් ලේඛණ නඩු කටයුතු අවසන් වන තෙක් රහස්‍ය ලෙස තබාගත යුතු බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවකින් මෙම සාකච්ඡාවට නියෝජිතයින් පැමිණ සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් වන දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හෝ ඒකාබද්ධ විපක්ෂය ඊට සහභාගී වී සිටියේ නැහැ.
මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පැවැත්වීමට නියමිතයි.
බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීමට පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර කැඳවන්නේදැයි අවසන් තීරණය ගැනීම සඳාහ එම රැස්වීම කැඳවා තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටද ඊට ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.