Thursday, May 9, 2024

General line - 0115112241

මූදල් විශුද්ධිකරණය පාලනය  කරන්න FATF කියන එක කරන්න මහ බැංකුව සූදානම්

වසන්ත පිවිතුරු




අන්තර් ජාතික වශයෙන් සිදු වන මූදල් විශුද්ධිකරණය පාලනය කිරිම සඳහා Financial Action Task Force හෙවත් රටවල් අතර අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය විසින් ලබාදී ඇති නිර්දේශ 40ක් මෙම වසර තුළ ක්‍රියාත්මක කිරිමට බලාපෙරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය පවසනවා.

බරපතල ලෙස මූදල් විශුද්ධිකරණය රටවල් 11 අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇති බවයි නිල වශයෙන් Financial Action Task Force හෙවත් රටවල් අතර අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණේ.

ශ්‍රී ලංකාව, බොස්නියාව,හෙර්චගෝවිනා,උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ටුබාකෝව,දුනිෂියාව, වනාටුව සහ යේමනය යන රටවල බහුලව මුදල් විශුද්ධීකරණයට ලක්වන බවත් එම රටවල විශාල වශයෙන් ත්‍රිස්ත සංවිධාන වෙනුවෙන් මුදල් එක්රැස් කරන බවත් එම කාර්යංශය සිය වාර්තාව මගින් කියා සිටියා.

මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බවත් ඉන් ලොව ආර්ථික බලඇණියට විශාල තර්ජනයක් එල්ලවී ඇති බවත් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය විසින් පෙන්වා දී තිබුණා.

කෙසේ වෙතත් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය සමග එක්ව කටයුතු කිරිමට ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඔක්තොම්බර් මස එකඟතාව පල කළා.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදි කණ්ඩායම් වලට මූල්‍යාධාර සැපයීම වළක්වා ගැනීමට අදාළ තාක්ෂණික සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මෙම එකඟතාව පල කළ බව සඳහන්.

එම එකඟතාව අනුව අන්තර් ජාතික වශයෙන් සිදු වන මූදල් විශුද්ධිකරණය පාලනය කිරිම සඳහා Financial Action Task Force හෙවත් රටවල් අතර අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය විසින් ලබාදී ඇති නිර්දේශ 40 ක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි www.nethnews.lk කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකු මුල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් www.nethnews.lk මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නගෙන් ද විමසීමක් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව සනාථ කරමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණය පාලනය කිරිම සඳහා මහ බැංකුව අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි.

සම්බන්ධිත පුවත මෙතැනින් බලන්න.