Wednesday, May 8, 2024

General line - 0115112241

පුංචි හිත සතුටු කරමින් තම කුඩා මිතුරිය සොයා ගිය ජනාධිපතිවරයා ඇගේ සුව දුක් සොයා බලයි (VIDEO)

වසන්ත පිවිතුරු




පසුගිය වසරේ දී තමාව මුණ ගැසුණු කුඩා පාසල් දැරියගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) බදුල්ලේ පිහිටි එම දැරියගේ නිවසට ගියා.ඒ එම දැරියට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්.

පසුගිය වසරේ දී එම දැරිය ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයාට කියා සිටියේ බදුල්ලට පැමිණෙන විට තමාට ද දැනුම් දී ඇයගේ නිවසට පැමිණෙන ලෙසයි. ඒ අනුවයි ජනාධිපතිවරයා සිය කුඩා මිතුරිය සොයාගෙන ඇගේ නිවසට ගොස් ඇත්තේ.

මෙහිදී ජනාධිපතිවරයාව දුටු කුඩා දැරිය පවසා ඇත්තේ තමාට පුදුම සතුටක් දැනෙන බවයි.

එහි දර්ශන පහතින් දකින්න. (දර්ශන අනුග්‍රහය  - ලංකා ශ්‍රී වෙබ් අඩවිය)