Wednesday, May 8, 2024

General line - 0115112241

දිවි නසා ගැනීමක් බවට තීන්දු වූ දැරියකගේ මරණයක් ඝාතනයක් බව හෙලිවෙයි

දිනසේන රතුගමගේ




වසර දෙකකට පෙර සිය දිවි හානිකර ගත් බවට තීන්දු වූ වව්නියාවේ පාසල් දැරියකගේ මරණය සත්‍ය ලෙසම සියදිවි හානිකර ගැනීමක් නොවන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදීයි. මෙම දැරිය මියගොස් ඇත්තේ දූෂණය කර ගෙල සිර කිරීමෙන් බව වෛද්‍ය පරීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි නෙත් නිවුස් වවුනියාව වාර්තාකරු පවසන්නේ. මිය ගිය දැරිය ඒ වනවිට 13වන වියේ පසුවුණා.