Thursday, May 9, 2024

General line - 0115112241

කෙහෙළියගේ පෙත්සමක් අධිකරණයෙන් ඉවතට

අධිකරණ වාර්තාකරු




හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සමක් කොලඹ මහාධිකරණය අද (29) ප‍්‍රතික්ෂේප කළා.

රූපවාහිනී සංස්ථාවේ ප‍්‍රවර්ධන වැඩසටහනක් සඳහා යැයි පවසමින් ජී අයි පයිප්ප මිලදී ගෙන රජයට සිදු කළ අලාභයක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක චෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමට එරෙහිවයි මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

අදාළ ගනුදෙනුවෙන් රජයට සිදු කර ඇති අලාභය රුපියල් ලක්ෂ 9ක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට නඩු පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.