ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරුම ලොව රටවල් 118ක දී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට රජය පියවර ගෙන තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කර ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ.
බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවන ශ්‍රී ලංකාවේ 70වැනි ජාතික නිදහස් උත්සවය සඳහා ජපානය සහ චීනයෙන් ද විශේෂ නියෝජිත පිරිස් පැමිණෙන අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් මේ වන විට තහවුරු කර ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියා.