Thursday, May 9, 2024

General line - 0115112241

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

නිශාන් ද සිල්වා




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා තමන් සමග සිටින්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම විටක සූදානම් බවට තමන් ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යළිත් අදහස් පළ කළා.

ඒ රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ ඊයේ (29) පස්වරුවේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැතිරවණ ප‍්‍රචාරක රැළියකදීයි.

එහිදී සඳහන් කෙරුණේ "ඇත්ත කතාව මොකක්ද? මම එහෙම කිව්වේ ඇයි..මම දන්නවා ඒගොල්ලන්ට මා ගාවට එන්න බෑ..මගේ ප්‍රතිපත්ති ඒ අය පිළිගන්නේ නෑ. ඕක හොරු රැකගන්න හදපු පක්ෂයක්..ඕක හොරු නිදහස් කරගන්න හදපු පක්ෂයක්. ඔය හොරු මාත් එක්ක හිටගන්න එන්නේ නැති බව මම දන්නවා." යනුවෙනි.