එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා තමන් සමග සිටින්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම විටක සූදානම් බවට ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අම්බලන්ගොඩ පැවැත්වූ ප‍්‍රචාරක රැළියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී "ජනාධිපතිතුමා කියනවා 96 එකතු වුණොත් ආණ්ඩුවක් හදනවාලු..'මොකද කියන්නේ...ජනතාව කැමතිද?.. එපා ද?... ' මා දකින්නේ ඒක පොඩි උප්පරවැට්ටියක්. අපේ ඡන්ද කඩන්න..එජාපයට වාසි කරවන්න යන්නේ..කිරිඇල්ල කිව්වානේ ඡන්දෙන් පස්සේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි පරණ ආදරවන්තයෝ වගේ ඉන්නවයි කියලා..නේද?..." යනුවෙන් සඳහන් කළා.