Thursday, May 9, 2024

General line - 0115112241

මෙවැනි වංචාකරුවන්ට මුලා වෙන්න එපා - රේගුව ශ්‍රී ලාංකීකයන්ට අවවාද කරයි

වසන්ත පිවිතුරු




විදේශ රටවල සිටින  ශ්‍රී ලාංකීකයන් මුලා කරමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා සිදුකරන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සියළුම ශ්‍රී ලාංකීක ජනතාවට ශ්‍රී ලංකා රේගුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක සුනිල් ජයරත්න www.nethnews.lk වෙත කියා සිටියේ විදේශ රටවල සිට ඉතාමක් සූක්ෂම ලෙස අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකීකයන් මුලා කරමින් මුදල් වංචා සිදුකරන බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

මෙසේ අන්තර්ජාලය හාරහා විශාල මුදල් තොගයක් වංචනික ලෙස ලබාගෙන ඇති බවද ඔහු www.nethnews.lk වෙත කියා සිටියේ.

සමාජ ජාලා වෙබ් අඩවි හරහා ශ්‍රී ලාංකීකයන් සමග හිතවත් වන මෙම මාෆියාකරුවන් ප්‍රසිද්ධ විවිධ ජාත්‍යන්තර වානිජ ආයතනවල නම් භාවිත කරමින් මෙම වංචාවන් සිදුකරන බව සඳහන්.

විවිධ ලොතරැයි දිනුම් හරහා මුදල් ත්‍යාග සහ උපකරණ ජයග්‍රහණය කර ඇති බවට අන්තර්ජාලය හරහා සිදුකරන මෙම පිරිස ප්‍රථමයෙන් පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල හරහා කෙටි ලියාපදිංචියක් සිදුකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන් අනතුරුව අදාළ ත්‍යාගයවල තැපැල් ගාස්තුව හෝ රේගු ගාස්තුව යැයි පවසා මුදල් අයකර ගන්නා බව ද මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියා.

අදාළ ගෙවීම් බැංකු කාඩ් හරහා අයකර ගන්නා බවද සඳහන්.

මේ ආකාරයෙන් විශාල මුදල් ගෙවා මුලා වූ ශ්‍රී ලාංකීකයන් පිළිබඳව තොරතුරු ලැබි ඇති බවයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ප්‍රථම වරට මුලා වූ පිරිස් ඉන්නොනැවතී දෙවන තෙවන වරට මුලා වූ අවස්ථාවන් ඇති බව ද ඔහු කියා සිටියා.

මෑතකදී කුවේට්හි සේවය කළ කාන්තාවක් මෙලෙස මුලාවී රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් ගෙවා ඇති බවත් පෙන්වාදුන් ඔහු වැඩිදුරයත් කියා සිටියේ අන්තර්ජාලය හරහා සිදුකරන මෙවැනි මාෆියාවන්ට අසු නොවන ලෙස සමස්ත ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මේ පිළිබඳව තම ඥාතීන් හිතමිතුරන්ට දැනුම් දෙන ලෙස ද ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජෝන් හැරි නැමති පුද්ගලයා විසින් බ්‍රිතාන්‍යයේ සිට මෙම මාෆියා කණ්ඩායම මෙහෙයවන බව ද අනාවරණය වී තිබෙනවා.