Thursday, May 9, 2024

General line - 0115112241

අඟුරුකකා වතුර බිබි දිගු නිහැඬියාවකට පසු කොළඹ සිට බදුල්ල දක්වා යන යකඩ යකා (PHOTOS) (VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




දිගු නිහැඬියාවකට පසු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ජර්මන්, ඕස්ට්‍ෙලියානු, එංගලන්ත සහ ජපන් ජාතිකයන් පිරිසක් රැගෙන අඟුරු කෝචිචියක් අද (30) දහවල් හැටන් දුමිරිය ස්ථානයට පැමිණියා.

කොළඹ කොටුවෙන් ඊයේ (29) ගමන් ආරමිභ කළ මෙම වාෂ්ප දුමිරිය ඊයේ (29) මහනුවර දුමිරිය ස්ථානයේ නතර කර තිබුණා.

එම දුම්රිය අද (30)  අළුයම නානුඔය දක්වා ගමන් ආරමිභ කළා.

හැටන් දුමිරිය ස්ථානයේදී එම වාෂ්ප දුමිරියට අවශ්‍ය ජලය ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබුණා.

නානුඔයේ සිට මෙම දුමිරිය හෙට (31) දින බණ්ඩාරවෙල දක්වා ධාවනය විමට නියමිතයි.

අවසන් වරට මෙම දුමිරිය බදුල්ල දක්වා ධාවනය කරවනු ලැබුවේ 2016 වසරේ පෙබරවාරි මස 02 වන දිනයි.

හැටන් දුමිරිය ස්ථානයට මෙම වාෂ්ප දුමිරිය පැමිණී අවස්ථාවේ එය දැක බලා ගැනීමට විශාල පිරිසක් හැටන් දුමිරිය ස්ථානයට පැමිණ සිටියා.