ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයිති අවන්හලක් ලොව විශිෂ්ඨ අවන්හල් 50 අතරට පැමිණ තිබෙනවා.
මෙලෙස විශිෂ්ඨ ස්ථානයට පත්ව ඇත්තේ Ministry of crab නම් අවන්හලයි.
දර්ශන මුනිදාස නම් සුපවේදියාගේ පූර්ණ මග පෙන්වීම යටතේ මෙහි ආහාර වර්ග වෙනස් වූ ආකාරයට පිසින බවයි වාර්තා වුණේ.
මෙහි පිසින ආහාර වර්ග ලොව පුරා ව්‍යාප්ත කිරිම සඳහා මෙන්ම ලොව පුරා ජනතාවට වෙනස් වූ ආකාරයේ ආහාර වර්ග සැපයීමේ අරමුණින් මෙම අවන්හල ආරම්භ කරනු ලැබුවා.
අවන්හල දිනෙන් දින වර්ධනය වීමේ සතුට ද පසුගියදා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සැමරුවා.
ලබන මාර්තු මස ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත IPL තරගාවලිය ඉළක්ක කරමින් Ministry of crab අවන්හලේ ශාඛාවක් මුම්බාහිදී ආරම්භ කිරිමට ද නියමිතයි.