Thursday, May 9, 2024

General line - 0115112241

කොළඹ අවට වැඩ බිම්වල සොරකම් කළ භාණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (PHOTOS)




කොළඹ අවට වැඩබිම්වලින් භාණ්ඩ සොරකම් කරමින් අළෙවි කළ පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වසර දෙකකට අධික කාලයක් කොස්වත්ත, නාවල, රාජගිරිය, මිරිහාන, මැද වැලිකඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල වැඩ බිම්වලින් වටිනා උපකරණ සොරකම් කර අළෙවි කර ඇති බවයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඔහු භාරයේ තිබී සොයාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම පුද්ගලයා සොරකම් කරන භාණ්ඩ සුජී නම් පුද්ගලයෙකුට අළෙවි කර මුදල් ලබා ගන්නා බවද සඳහන්.

අදාළ පුද්ගලයා අද (30) දින කොළඹ අළුත්කඩ අංක 04 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

මෙම වැටලීම වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලීස් පරික්ෂක සුදත් අස්මඩලගේ උපදෙස් පරිදි පොලීස් පරික්ෂක අශෝක කුමාරගේ මෙහෙවීමෙන් සිදුකර තිබෙනවා.