Thursday, May 9, 2024

General line - 0115112241

දූෂණ නඩුවකින් මුදා හරින ලෙස කුමාර වෙල්ගම කල ඉල්ලීම කොළඹ මහාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

අධිකරණ වාර්තාකරු




හිටපු ප‍්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින දූෂණ නඩුවකින් ඔහුව මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද (30) ප‍්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාට එරෙහිව සංශෝධිත චෝදනා පත‍්‍රයක් ගොනු කිරීමට අවසර ලබා දෙමින් මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව අත්හිටුවීමටයි මහාධිකරණය අද (30) නියෝග කළේ. 

ඒ අනුව මුල් චෝදනා පත‍්‍රය අනුව කටයුතු කරන්නේ නම් ඊට අනුව කටයුතු සිදු කරන ලෙසටත්, එසේ නොකරන්නේ නම් විත්තිකරු මුදා හරින ලෙසත් කොළඹ මහාධිකරණය නියෝග කළා.

2010 වර්ෂයේදි ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපතිවරයෙකු පත් කර ආණ්ඩුවට රුපියල් ලක්ෂ 32ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.