Thursday, May 9, 2024

General line - 0115112241

දිවයිනේ කාලගුණය වෙනස් වෙන නිසා විමසිලිමත් වෙන්න




දිවයින ආශි‍්‍රත පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, මධ්‍යම සහ සබරගමුව යන පළාත් වලට මෙන්ම අම්පාර, මඩකලපුව හා පොළොන්නරුව යන දිස්ති‍්‍රක්ක වලටද මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

දකුණු සහ බස්නාහිර යන ප‍්‍රදේශවලට මිලි මීටර් 100ක තද වැසි අපේක්ෂා කරනවා.

මේ අතර තවදුරටත් වැසි පවතින්නේ නම් රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. පහළ නිම්නයේ සිිටින මහියංගනය, මිනිපේ, හඳගනාව, හසලක සහ රෝහණ යන ප‍්‍රදේශ වල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවද දැනුම් දෙනවා.