Thursday, May 2, 2024

General line - 0115112241

සබන් දමමින් දියනෑමට කැමති කෙනෙක් ගැන දැන ගන්න මේ වීඩියෝව බලන්න




එදිනෙදා ජීවිතයේ දී මිනිසා විසින් දියනෑම සිදුකරනු ලබන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මෙන්ම නැවුම් බව රැක ගැනීමටයි.

නමුත් සතුන් දිය නෑම ගැන අපි අසා තිබෙනවා.

ඒ අනුව කුරුල්ලන් විශේෂයන්, බල්ලන්, අලි ඇතුන් සහ ගවයින් දියනෑම අප ඇතැම් අවස්ථාවල දැක තිබෙන්නට පුළුවන්.

නමුත් මීයන් දියනෑම ගැන ඔබ අසා හෝ දැක තිබෙනවා ද?

දියනෑම පමණක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වුනාට මේ මීයා සබන් දමමින් දියනාන අපූරු මී පැටියෙක්.

විදේශ රටක සත්ව උද්‍යානයක සිටින මී පැටියෙක් මේ ආකාරයට සබන් දමා දියනාන මේ වීඩියෝව ඉතාමත් සීඝ්‍රයෙන් අන්තර් ජාලයෙන් පැතිර යමින් තිබෙනවා.

මෙය විශ්වාස කරන්න බැරි වුනත් හරි පුදුමයි.