Friday, May 10, 2024

General line - 0115112241

නායයාමේ අවධානමක් හේතුවෙන් හපුතලේ උඩපාර තාවකාලිකව වසා දැමේ

පාලිත ආරියවංශ - බදුල්ල




කොළඹ - බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සහ හපුතලේ අතර පිහිටි කහගල ප‍්‍රදේශයේ නායයාම් අවධානමක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් හපුතලේ උඩපාර තාවකාලිකව වසා දැමූ බවයි ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල, දියතලාව හරහා හපුතලේ මාර්ගය භාවිත කළ හැකි බව බදුල්ල දිස්ත‍්‍රීක් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ එම් උදයකුමාර සඳහන් කළා.