Thursday, May 9, 2024

General line - 0115112241

ඕස්ටි‍්‍රයාවට යාමට උත්සාහ දැරූ ඉරාන ජාතිකයින් 04ට වැඩ වරදී

ටෝනි කරුණානායක - ගම්පහ




නීති විරෝධීව ඕස්ටි‍්‍රයාවට යාමට උත්සාහ දැරූ ඉරාන ජාතිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ව්‍යාජ වීසා මූද්‍රවන් සහිත ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍ර උපයෝගී කර ගනිමින් මෙලෙස විදෙස් ගත වීමටයි උත්සහ දරා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ මව, දියණිය, පුත‍්‍රයා සහ මුණුපුරා බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් සංචාරක වීසා මගින් ඉකුත් 23 වනදා මෙරටට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.