Thursday, May 9, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ගැන ජාත්‍යන්තරය අවධානයෙන්

මාධව කුලසූරිය -වවුනියාව




මෙවර පළාත් පාලන මැතිරවණය කෙරෙහි ජාත්‍යන්තරය ද දැඩි අවධානයෙන් පසුවන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධන් පැවසුවේ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන පාර්ශවය කුමක්දැයි ජාත්‍යන්තරයේ අවධානය යොමුව ඇති බවයි.

මෙවර මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් පමණක් නොව රටේ අනාගතය සහ දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම ලබා ගැනීම සම්බන්ධයෙන් වන තීරණාත්මක මැතිවරණයක් බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව වන දේශපාලන විසඳුමක් වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි ආර් සම්බන්ධන් විපක්ෂ නායකවරයා පවසනවා.

ඒ මුලතිව් හි පැවැති ජනහමුවක් අමතමින්.