Thursday, May 9, 2024

General line - 0115112241

මැතිවරණ නීතිය කඩකළ 344 ක් අත්අඩංගුවට




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුද්ගලයින් 344දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලීසිය පවසනවා. ඒ අතරට අපේක්ෂයින් 38දෙනෙකු ද අයත්.

අත්අඩංගුවට පත් 264ට එරෙහි චෝදනාව වන්නේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමයි.

අපේක්ෂකයින් 24ක් ඒ අතරට අයත්. වාර්තාවී ඇති මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සංඛ්‍යාව 124ක්.

මැතිවරණ පැමිණිලි 367ක් ලැබී ඇති බවයි පොලීසිය පැවුසවේ. ඊට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 80ක්.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළාත් පාලන ඡුන්ද විමසීමට අදාළව මේ දක්වා මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 491ක් වාර්තා වී ඇති බවයි පොලීසිය කියා සිටියේ.