Thursday, May 2, 2024

General line - 0115112241

හතුරො ගැන අමෙරිකාව කියන කතාව




චීනයද රුසියාව මෙන්ම සිය රටට ප‍්‍රබල තර්ජනයක් බව අමෙරිකාව චෝදනා කරනවා.

බීබීසී ලෝක පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු සී අයි ඒ සංවිධානයේ අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ පැවසුවේ තමන් සතුව ඒ සම්බන්ධයෙන් වන සාක්ෂි රැසක්ද ඇති බවයි.

අමෙරිකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වන බවට මෙන්ම රහස්‍ය තොරතුරු සොරා ගන්නා බවටද රුසියාවට කලක සිටම චෝදනා එල්ල වෙමින් පැවතුනා.

එහෙත් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී සී අයි ඒ ප‍්‍රධානියා පැවසුවේ රුසියාවට සමාන අයුරින්ම මේ වනවිට චීනයද අමරිකාවේ රහස්‍ය තොරතුරු සොරා ගැනීමේ උත්සහායක නිරත වී සිටින බවයි.

ගතවූ කාලය තුළ එවැනි ප‍්‍රභල සිද්ධීන් රැසක්ම අනාවරණය කර ගැනීමට අමරිකානු බුද්ධි අංශ සමත්වූ බවයි සී අයි ඒ ප‍්‍රධානියා වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව අමරිකාව පමණක්ම නොව යුරෝපය හා එක්සත් රාජධානිය ද මෙම තර්ජනයට මුහුණ දී සිටින බව ඔහු අනාවරණය කළා.