Thursday, May 9, 2024

General line - 0115112241

තමීම් ඉක්බාල් සහ සුරංග ලක්මාල් ගැන අද තරගයේදී වැඩි අවධානයෙන්




බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර අද (31) පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකේම ක‍්‍රීඩකයින් දෙදෙනෙකුට වාර්තා පොත් අතරට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව, බංග්ලාදේශයේ තමිම් ඉක්බාල් අද තරගයේදී තවත් ලකුණු 114ක් රැස් කරගත හොත් ලකුණු 4000 සීමාව පසුකර යාමට ඔහුට හැකිවනු ඇති. එසේ වුවහොත් එම සීමාව පසුකර යන පළමු බංග්ලාදේශ පිතිකරු වන්නේ තමීම් ඉක්බාල්.

ශ‍්‍රී ලංකාවේ සුරංග ලක්මාල් අද තරගයේදී තවත් කඩුලු 4ක් දවා ගතහොත් ඔහුට ටෙස්ට් කඩුල් 100 සීමාව පසුකළ සිව්වන ශ‍්‍රී ලාංකික වේග පන්දු යවන්නා බවට පත්වීමට අවස්ථාවක් පවතිනවා.

මේ දක්වා එම කඩඉම පසුකර ගොස් ඇත්තේ චමින්ද වාස්, ලසිත් මාලංග සහ දිල්හාර ප‍්‍රනාන්දු පමණයි.