Tuesday, May 14, 2024

General line - 0115112241

බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා විවාදය ගැන කතානායකවරයාගේ නවතම මාධ්‍ය නිවේදනය




එළඹෙන 06වනදා පැවැත්වීමට නියමිත බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය සම්බන්ධයෙන් කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පක්ෂ නායකයන්ගේ එක`ගතාව අනුව එදිනට විවාදය යොදා ගත්තද එදිනම විවාදය සම්පූර්ණයෙන් අවසන් නොවන බවයි එහි දැක්වෙන්නේ.

 පක්ෂ නායකයන්ගේ එකගතාව පරිදි මැතිවරණයෙන් පසු විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදා ගැනීමේ බාධාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

 

මාධ්‍ය නිවේදනය 

මෙම  මස  06වන දින මහ බැංකු බැඳුම්කර ජනාධිපති  කොමිසන්  සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති  කොමිසන් සභා වාර්තාවන් පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය සම්බන්ඳව  ඇතැම්  මාධ්‍ය දක්වා  ඇති  කරුණු  පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කල යුතුව  ඇති  බව පෙනී යයි.

 

අදාල වාර්ථාවන් පිළිබඳව  විවාදය සඳහා දින නියමකර ගැනීමේ දී මැතිවරණ ක්‍රියාවලියටද බාදාවක් නොවන පරිදි කටයුතු කල යුතුව තිබූ බැවින්, බහුතර පක්ෂ නායකයින්ගේ එකඟතාවය අනූව පෙබරවාරී 06 වන  දින ඊට යොදාගනු ලැබුවද එදින එම විවාදය සම්පූර්ණයෙන්ම පවත්වා අවසන් වන බව   ඉන් අදහස්  නොවේ.

 

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අදහස් පරිදි ඒ සඳහා අවශ්‍ය තරම් ඉදිරි දින යොදාගැනීමේ හැකියාව පවතී,  කෙසේ නමුත්, ජනවාරි 06" විවාදය සඳහා යොදාගැනීම පිළිබඳව තීරණය කරන  ලද්දේ  2018.01.30  දින  පැවැති පක්ෂ නායක රැස්වීමේ දීය.

 

ඊට පෙර ඒ සඳහා  ගරු අග්‍රාමාත්‍යතුමා  විසින් යෝජනා කර තිබූ  දිනය මැතිවරණ ක්‍රියාවලිය සමඟ ප්‍රායෝගික අපහසු වන  බව  මැතිවරණ  කොමිසන් සභාව  විසින් පෙන්වා දීමේන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්  විසින් විකල්ප දිනයක්  ලෙස ජනාවාරි 06 සලකා බැලිය හැකි බව පෙන්වා දෙන ලදි. ශ්‍රි ලංකා  නිදහස් පක්ෂ නියෝජිතයා ද ඊට එකඟතාවය පල කල අතර, ද්‍රවිඩ  ජාතික සන්ධානයේ  නියෝජිතයා ද   එදින  විවාදය සඳහා තම පක්ෂය   සූදනම් බව දැන්වීය.

මෙම   බහුතර අදහස පිළිබඳව ගරු  අග්‍රාමත්‍යතුමා දැනුවත් කරන ලද  අතර, ඒ පිළිබඳව සිය එකඟත්වය පලකල  එතුමන් ජනවාරී 06  දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස  ස්ථාවර  නියෝග අංක 14  යටතේ අග්‍රාමාත්‍යවරයා  වෙත  පැවරී  ඇති බලතල ප්‍රකාරව කථානායකවරයාගෙන් නිලවශයෙන් ලිඛිතව ඉල්ලා  සිටින  ලදී.

 

මේ අනූව ජනවාරි 06 දින විවාදය සඳහා  පාර්ලිමේන්තුව කැදවනුයේ බහුතර  පක්ෂනායකයින්ගේ එකඟත්වයෙන් බවද, එදින විවාදය පැවැත්වීමෙන් පසු පක්ෂනායකයින්ගේ එකඟතාවය පරිදි අඳාල කරුණු සම්බන්ඳව විවාදය සඳහා  වෙනත්   ඉදිරි දින  යොදාගැනීමේ  බාදාවක් නොපවතින බවද දැනුම් දෙමු.