Tuesday, May 14, 2024

General line - 0115112241

බැසිල්ට එරෙහි නඩුවක අතුරු තහනම දිගු වෙයි




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අද නැවත දීර්ඝ කෙරුණා. ඒ, මාර්තු මස 16 වනදා දක්වායි.

නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් විසින්. මෙම පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් සඳුදා විරෝධතා ගොනු කර ඇති බවයි අද ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව පෙත්සම්කරුගේ ප‍්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම ලබන මාර්තු මස 15 වනදා දක්වා කල් තැබුණා.