Wednesday, May 15, 2024

General line - 0115112241

කෘෂිකර්ම නිලධාරීයා අල්ලස් ගනිද්දී කොටු




අල්ලස් ලබාගැනීමේ චෝදනා මත කෘෂිකර්ම උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බිබිල මැදගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මතයි. කොස්ගස් දෙකක් කැපීමට අදාළ බලපත‍්‍ර සැකසීම සඳහා රුපියල් 2000ක අල්ලසක් ලබාගැනීමේ දී මෙම කෘෂිකර්ම උපදේශකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මැදගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව පොල්ගහපිටිය වසමේ කෘෂි උපදේශකවරයා ලෙස කටයුතු කරන්නෙක්.