Tuesday, May 14, 2024

General line - 0115112241

ප්‍රාදේශීය සභාවට ඉල්ලන හිටපු ඇමති නමින් හැදූ ව්‍යාජ Facebook ගිණුමකින් බොරු ප්‍රචාර යවලා! අපේක්ෂිකාවක් පොලිසියට කැඳවයි

ජූඩ් සමන්ත




මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු නමින් ව්‍යාජ මුහුණු පොතේ පිටුවක් සකස් කර විවිධ අදහස් පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන වෙන්නප්පුව පොලීසිය මැතිවරණ අපේක්ෂිකවාවක් කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින තම පියාගේ නමින් සකස් කර ඇති ව්‍යාජ ෆේස් බුක් ගිණුමකින් වැරදි තොරතුරක් මුදා හරින බව වෙන්නප්පුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක රුක්මන් ප්‍රනාන්දු වෙන්නප්පුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම පැමිණිල්ල අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති පොලීසිය මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂිකාවක් කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අදාල අපේක්ෂිකාව හිටපු ඇමතිවරයා ළඟ වසර  කීපයක් සේවයද කර තිබෙනවා.

තමන් මෙවැනි කටයුත්තක් නොකළ බවත්, මේ සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ලබා දෙන ලෙසත් අදාල අපේක්ෂිකාව පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.