Tuesday, May 14, 2024

General line - 0115112241

පිඹුරෙක් දැවැන්ත මුවෙක් ගිල දමන අයුරු (VIDEO)

සනත් ගමගේ




බූන්දල ජාතික වනෝද්‍යානයේ දී පිඹුරෙක් විශාල මුවෙක් සිය ගොදුර සඳහා ගිල දමන අයුරු පසුගියදා  සංචාරකයින්ට දැක බලා ගැනීමට හැකි වුණා.

මුවා ගිල දැමීමට පිඹුරා ට පැය  කිහිපයක්  ගතව තිබෙනවා. 

මෙසේ ගොදුරක් ගිලදමන පිඹුරන් මාස කිහිපයක් යන තෙක් කිසිදු ගොදුරක් ලබා ගැනීම සිදු නොකරන බව වනජීවී නිලධාරීන් පවසනවා. මෙතරම් විශාල ගොදුරක් එක් වර ගිල දැමීමට පිඹුරා‍ගේ හනු ඇදෙන සේ පිහිටා තිබීම  විශේෂත්වයක් බව බූන්දල ජාතික උද්‍යානයේ අඩවි ආරක්ෂක නිළධාරී පී.ඒ මුතුකුමාරණ පැවසුවා