Friday, December 27, 2024

General line - 0115112241

ඩෙංගු කීටයින් නිසා කොස්තාපල්ට 10 වසරක සිර දඬුවමක්! ප්‍රජා අයිතියත් අහෝසියි




ඩෙංගු කීටයන් හමු වූ නිවසක හිමිකරුට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා අල්ලස් ලබාගත් බවට සහ තවත් චෝදනා කිහිපයකට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට අද වසර 10ක සිර දඬුවමක් නියම කෙරුණා. ඊට අමතරව වසර 07ක කාලයක් සඳහා ඔහුගේ ප‍්‍රජා අයිතියද අහෝසි කිරීමටයි නියෝග කෙරුණේ.

දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන්නා.

සිර දඬුවමට සහ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට අමතරව රුපියල් විසිදහසක දඩයක් ද ගෙවන ලෙසයි වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයාට මෙහිදී නියම කෙරුණේ. 2013 වසරේ සිදු කෙරුණු ඩෙංගු නිවාරණ වැඩසටහනක් අතරතුර මෙම කොස්තාපල්වරයා අදාළ වරද සිදු කර තිබුණා.

ඔහුට එරෙහිව නඩු පවරා තිබුණේ අලලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින්.