Friday, December 27, 2024

General line - 0115112241

ආණ්ඩු හදන්න බැරි ඡන්දයක් සමග අගමැතිගේ වෙනසක් සහ ආණ්ඩු වෙනසක්!




පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව වෙනස් කළ හැකිද, නැද්ද යන්න දේශපාලන වේදිකාවේ මේ දිනවල කතා බහට ලක්වන තවත් ප‍්‍රධාන මාතෘකාවක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ අග‍්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරීමට පවා මෙම මැතිවරණයෙන් ලැබෙන ප‍්‍රතිඵලය යොදාගත හැකි බවයි. 
 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල ද පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ දී ප‍්‍රකාශ වන ජනවරම අනුව ආණ්ඩුව වෙනස් කළ හැකි බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැුළියක දී ඔහු ඒ බව පැවසුවා. 
 

කෙසේ වෙතත් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ පළාත් පාලන මැතිවරණයක ප‍්‍රතිඵලයෙන් ආණ්ඩුවක් වෙනස් කළ නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂය වැලිගම පැවැත් වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියක දී ඔහු ඒ බව පැවසුවා.