හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉදිරිපත් වී ඇති නිර්දේශයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබානොදෙන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට මෙම නිර්දේශය කර ඇත්තේ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින්. ඊට සහය ලබා නොදුන්නත් කොමිසම විසින් පෙන්වා දී ඇති කරුණු අනුව වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව සෙසු නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.