Friday, December 27, 2024

General line - 0115112241

තැපැල් ඡන්දය ප‍්‍රකාශ නොකළ අය නිදහසට කරුණු කියන්න




මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තැපැල් ඡන්ද සඳහා අයදුම් කර තැපැල් ඡන්දය ප‍්‍රකාශ නොකළ අයගෙන් ඒ සඳහා නිදහසට කරුණු විමසන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ තැපැල් ඡන්දය සඳහා ඔවුන් වෙනුවෙන් දැරූ වියදම ඔවුන්ගෙන් නැවත අයකර ගැනීමට ද සලකා බලන බවයි.  

කෙසේ වෙතත් ආරක්ෂක අංශවල සාමාජිකයින්ගෙන් තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ වැඩි දෙනෙකු තැපැල් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීම තවමත් ආරම්භ කර නොමැති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නැවත අවධාරණය කළේ. තැපැල් ඡන්දයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් පළ වන විවිධ වාර්තාවලට ප‍්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව පැවසුවා. 

තැපැල් ඡන්ද විමසීමේ පළමු අදියර ඉකුත් ජනවාරී මස 22 වනදාත්, දෙවන සහ තුන්වන අදියර ජනවාරී මස 25 සහ 26 යන දින දෙකේදීත් සිදු කෙරුණා. එහි තුන්වන අදියරයි අද සහ හෙට සිදු කෙරෙන්නේ.