නිල ජන්ද දැන්වීම් පත‍්‍රිකා සහ ජාතික හැදුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් පිළිබද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ දැනටමත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි.
මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරුවන් වන්නෙකුට ජයගෙන ඇති ආසනය අහිමිවනවා පමණක් නොව ප්‍රජා අයිතියද වසර 07කට අහිමි වනවබව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා
පොලිස් මූලස්ථානයේ අද (01) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එම කරුණු දැක්වූවා.