Friday, September 20, 2024

General line - 0115112241

අගමැතිගේ විවෘත ආරාධනය ගීතා ප‍්‍රතික්ෂේප කරයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21) තමන්ට කළ ඇරයුම සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය පාර්ලිමේන්තුවේදී අද (22) මෙලෙස අදහස් දැක්වුවා.

“ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමා විවෘතව මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මට ආරාධනා කළා එතුමා ලඟින් වාඩිවෙන්න කියලා. නම කිව්වෙ නැති වුණාට ගාල්ලේ මන්ත්‍රීතුමිය මම. මට සතුටුයි එක දෙයක් හින්දා. ඔය ආණ්ඩුපක්ෂයේ ඉන්න එකම මන්ත්‍රීකෙනෙක්වත් , ඇමතිවරයෙක්වත් අගමැතිතුමාට සතුටුවෙන්න පුළුවන් තරමට වැඩ කරන්නේ නැහැ. එතුමා මට කතා කළා , ස්තූතියි අග්‍රාමාත්‍යතුමනි. හැබැයි මෙන්න කිව්වා මේ ගීතා නම් ඔහෙට එන්නේ නැහැ කවදාවත්”.

සභාවේ ඇති වූ සංවාදය පහතින් ඇසිය හැකියි.