බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ශකීබ් අල් හසන්ට ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය ද අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ අවසන් එක්දින තරගයේ දී ශකීබ් අල් හසන් ඇගිල්ලේ ආබාධයකට ලක්වුණා.
ඒ හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කළේ නැහැ.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නම් කළේ ශකීබ් අල් හසන්. ඔහු නායකත්වය ලබාදීමට සූදානමින් සිටි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි.
ඔහුගේ ආබාධය හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයේ නායකත්වය ද මහමුදුල්ලා හට ලබාදෙනු ඇති.