උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය හෙට (09) දා දකුණු කොරියාවේ සංචාරයක නිරත වනු ඇතිබව වාර්තා වෙනවා. දකුණු කොරියානු අමාත්‍යවරුන් උපුටා දක්වමින් පළ කර ඇති විදෙස් වාර්තාවල මේ බව සඳහන් වන අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීශිර ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම ඇගේ අපේක්ෂාව බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
දේශ සීමාව හරහා උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට යන කිම් පවුලේ පළමු සමීපතමයාද ඇය වීම විශේෂත්වයක්.
එසේම දකුණු කොරියාවේ පැවැත්වෙන ශීශිර ඔලිම්පික් තරගාවලිය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ද සහභාගී වන බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. එසේම ඇය සමාප්ති උලෙළේ ක්‍රීඩා ඉසව් කිහිපයකට සහභාගි වීමටද නියමිතව සිටන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.