Saturday, January 11, 2025

General line - 0115112241

ධනංජය සිල්වාගේ සොහොයුරා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්




පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ගල්කිස්ස පොලිසිය පැවසුවේ ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සංගු නැමැත්තා ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසලදී පුද්ගලයෙකුට පහරදී ඇති බවයි. පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බවයි වාර්තා වුණේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා, රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී තිබෙනවා. 

එහිදී එක් පුද්ගලයෙකු විසින් ධනංජය ද සිල්වාගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ඉන්අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් රත්මලානේ සුද්දා නැමැත්තාට පහරදී තිබෙනවා. 

තුවාල ලැබූ ඔවුන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.