Saturday, January 11, 2025

General line - 0115112241

නිහඬ කාල සීමාවේත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු..! නිරීක්ෂණ සංවිධානවලින් ජනතාවගෙන් ඉල්ලීමක්..!

සජිත් තිලකරත්න - ඩිල්ෂාන් මඩවල




පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන්  අවසන් වුවත් කූඨ ක්‍රම මගින් ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ඇතැම් අපේක්ෂකයින් පෙළඹිය හැකි බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.

ෆේස්බුක් ආදි සමාජ ජාලා යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම, ආගම දඩමීමා කරගනිමින් බොධි පූජා සිදුකරමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සේම පෞද්ගලික සාද සංග්‍රහවලට මුවා වී   විවිධ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන පිරිස් ඇති අතර ඒවාට ඉඩ ලබා නොදෙන ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා  නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක ප්‍රකාශ කළා.

කූඨ ක්‍රම මගින්  සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු පිළිබඳ මේ වනවිටත් පැමණිලි ලැබෙමින් ඇති බව පෙන්වාදෙන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ අද (08)  දිනයේදී ද ඇඹිලිපිටිය ප්‍රදේශයේ අපේක්ෂකයෙකු ඩෝසරයක් යොදා ගනිමින් පාරක් කැපීමට උත්සාහ කර තිබූ බවයි.

සිය නියෝජිතයින් කූඨ ක්‍රම මගින්  ප්‍රචාරක කටයුතු සිදු කිරිම වළක්වාලීමට දේශපාලන පක්ෂද උනන්දු විය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙමින් ප්‍රකාශ කළේ මේ දිනවල අපේක්ෂකයින් ඉතා සූක්ෂම ලෙස සංවිධානය කල හැකි බෝධි පූජා,සංග්‍රහ කටයුතු, ක්‍රීඩා තරඟ වැනි දේ සඳහා සහභාගී නොවන ලෙසයි.