Saturday, January 11, 2025

General line - 0115112241

නඩුවක විමර්ශන CIDයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්!




හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක ඇතුළු නව දෙනෙකුට එරෙහි නඩුවක විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්නැයි විත්ති පාර්ශවය අද (08)  අධීකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින්.

විත්ති පාර්ශවය කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 22 වනදා දැනුම් දෙන බවයි කොළඹ  කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න දැනුම් දුන්නේ.

2008 සහ 2009 කාලසීමාවේදී කොළඹ ප‍්‍රදේශයේදී තරුණයින් 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්  විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.