පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් තමා නතර කර, පරික්ෂා කර, ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැතැයිද, එහෙත් තමන්ට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද එම සටහනෙහි සඳහන් වනවා.
ඒ ඔහුගේ නමින් ඇති ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.