පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය මේ වනවිට සිදු කෙරෙනවා. දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරී කාර්යාලවල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වූයේ අද (09) පෙරවරුවේයි. ඡන්ද පෙට්ටි බෙදාහැරීම සම්බන්ධයෙන් නෙත් නිව්ස් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් විමසීම් කළා.
එහිදී වව්නියාව කළුතර ගාල්ල, මාතර, නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි තේරීම්භාර නිලධාරීන් පැවසුවේ එම කටයුතු සාර්ථකව සිදුවන බවය.
දිවයින වටා පිහිටි දූපත්වලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබාගන්නා බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ.
අද (09) පස්වරුවේ සියලූ ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන් වාර්තා කිරීමෙන් පසු හෙට දින ඡන්ද විමසීමට අදාළ පෙරහුරුවක් පැවැත්වෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් කියා සිටියා.
-------------------------------------------
ඡන්දයට සියල්ල සූදානම්! ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹෙයි
09-02-2018 07:07
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද (09) උදෑසන 08ට ආරම්භ වනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඞ් කියා සිටියේ දිස්ත්‍රික් තේරීම්භාර කාර්යාල භාර ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට අද දහවල් වනවිට ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසට උපදෙස් දී ඇති බවයි.
පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරාගැනීමේ ඡන්ද විමසීම හෙට උදෑසන 07ට ආරම්භ වනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යස්ථාන 13,374ක් සූදානම් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලබාඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි පනස් හත් ලක්ෂ හැට දහස් අටසිය පනස් දෙදෙනෙක්.