පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 27,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප‍්‍රකාශ කළේ සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි පොලිස් ජංගම සංචාර ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
සිවිල් ආරක්ෂක භටයින් 6000කට ආසන්න සංඛ්‍යාවක් ද මැතිවරණ රාජකාරි සඳහා එක්වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.