ජාතික ළමාරක්ෂක අධීකාරියේ වර්තමාන සභාපතිවරිය ඇතුළු කළමනාකාරීත්වය අත්තනෝමතික හා දූෂීත අයුරින් පරිපාලන කටුයුතු සිදුකරමින් සිටින බවට එහි සේවක සංගමය චෝදනා කරනවා. මෙම තත්වය මත ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩය රැස්වීම්වලට සභභාගි වීමද වර්ජනය කර ඇති බවයි එම සංගමයේ සභාපති ලේකම් එච් එ් ඉන්දික ජයවර්ධන කියා සිටියේ.
සේවක සංගමය සිදු කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මරීනි ද ලිවේරා ගෙන් විමසීමට උත්සහ කළ එය සාර්ථක වූයේ නැහැ.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියයේ දිස්ති්රක් හා ප්රාදේශීය නිලධාරීන් ලබන සතියේ කොළඹට කැඳවන බවයි එහි සේවක සංගමයේ සභාපති ලේකම් එච් එ් ඉන්දික ජයවර්ධන වැඩිදුරටත් කියා කියා සිටියේ.